විවාහ මංගල සඳහා වෙනස්වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ

December 16, 2021 at 8:50 AM

කොවිඩ් වසංගතය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල වෙනස්කමක් සිදුකර තිබෙනවා. නව මාර්ගෝපදේශ මාලාව අද සිට ලබන දෙසැම්බර් මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සඳහා සහභාගිවිය හැක්කේ අදාළ උත්සව ශාලාවේ පවතින ධාරිතාවෙන් සීයයට 50කට පමණයි.

එමෙන්ම විවාහ මංගල උත්සව සඳහා මිට පෙර මත්පැන් භාවිතය තහනම් කර තිබු අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ඉවත් කර ඇත.

එසේම සිනමා ශාලාවලට සියයට හැත්තෑපහක ආසන ධාරිතාවකින් යුතුව පිරිස කැඳවිය හැකිය.

අවමංග්‍යය උත්සවයක් සඳහා සහභාගිවිය හැකියාව මිට පෙර නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ වල 20 දෙනෙකු ලෙස සටහන්ව තිබු අතර එය නව මාර්ගෝපදේශ අනුව 30 දෙනෙකු දක්වා වැඩි කිරීමට අවසර ලබාදී ඇත.