ඔමික්‍රෝන් ඩෙල්ටා ප්‍රභේදයට වඩා 70%කින් වේගවත් -හොංකොං පර්යේෂකයින් කියයි

December 16, 2021 at 9:47 AM
හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් විසින් සිදුකරන ලද අධ්‍යයනයක් මගින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මිනිසාට ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව 70 ගුණයකින් වේගවත් බව අනාවරණය වී තිබෙනවා. නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සිදුකළ පළමු පර්යේෂණයේ තොරතුරු එළිදක්වමින් විද්‍යාඥයින් මේ බව සඳහන් කර සිටියා.

පර්යේෂකයින් සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මිනිස් සිරුරේ පෙනහළු කරා වාතය රැගෙන යන ශ්වසන මාර්ගය තුලදී වේගයෙන් ආසාදනය වී එය ගුණනය වන බවයි.

මේ හේතුවෙන් වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් පැවති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් වීමට හේතුවී ඇති බවයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් සඳහන් කරන්නේ.

මෙම පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් මහාචාර්ය Michael Chan Chi-wai කටයුතු කර ඇති අතර ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පිරිස් ද ඊට ඇතුලත්.