දෙහිවල සත්වෝද්‍යානයෙන් ඉල්ලීමක්

December 12, 2021 at 10:34 AM

දෙහිවල සත්වෝද්‍යානය තුළ පසුගිය මාස 03ක කාලය තුලදී උපත ලද ක්ෂීරපායි සත්ව පැටවුන් සඳහා සුදුසු නම් තැබීමට අවුරුදු 18න් පහල දුදරුවන්ට අවස්ථාවක් ලබා දීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත දක්වා ඇති සතුන් වෙනුවෙන් 0706988488 අංකයට SMS පණිවිඩයක්, වට්ස්ඇප් හෝ http://nationalzoo.gov.lk/ යන ෆේස්බුක් පිටුවට මෙම මස 20 වෙනිදාට පෙර යොමු කළ යුතුය.

එම පණිවිඩයේ සත්ව පැටවා, යෝජිත නම, ඔබගේ නම, වයස, පාසැල සහ ලිපිනය දන්වා එවීමට කටයුතු කළ යුතුය.

එක් එක් පැටවාට යෝජනා කරනු ලබන නම් අතුරින් ඉතාම සුදුසු නම් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් තෝරා ගෙන දෙසැම්බර් 25 වෙනිදා පැවැත්වෙන නම් තැබීමේ උත්සවයේදී එළිදක්වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

නම් තැබිය යුතු සතුන්ගේ ලැයිස්තුව පහතින්..