ලෝක කුසලාන තරගාවලියක් පැවත්වීමට නොහැකි හේතුව ක්‍රීඩා ඇමති හෙළි කරයි

December 10, 2021 at 7:03 AM

ශ්‍රී ලංකාවට තනිව ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වීමට නොහැකි හේතුව ඇමති නාමල් අනාවරණය කර සිටියා. ක්‍රීඩා අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කර සිටියේ ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයකදී ය.

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 4 ක් පමණක් බවත්, ක්‍රිකට් ලෝක කුසලානයක සත්කාරකත්වයක් තනිව දැරීමට නම් අඩුම වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක්වත් තිබිය යුතු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

යම් හෙයකින් ක්‍රීඩාංගණ 4ක් හෝ නොතිබුණේ නම් තවත් රටක් හෝ කිහිපයක් සමඟ සමසත්කාරකත්වයක් හෝ දැරීමට අවස්ථාවක් ශ්‍රී ලංකාවට නොලැබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

“අදට අපට ක්‍රිකට් ජාත්‍යන්තර පිට්ටනි 4 යි තියෙන්නේ. අපට පිට්ටනි 5 ක් තිබ්බා නම් වර්ල්ඩ් කප් එකක් තනියම host (සත්කාරකත්වය) කරන්න පුළුවන්.
අපට 5 ක් නැති නිසා තමයි අපි අසල්වාසි රටවල් එක්ක එකතු වෙලා වර්ල්ඩ් කප්වලට bidding වලට යන්නේ. අපට capacity එක තිබුණත් ක්‍රීඩා ස්ටේඩියම් ප්‍රමාණය අඩු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. හතරක්වත් නොතිබුණා නම් කොහොමවත් අපට co-host කෙනෙක්වත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ” ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.