අවුන් සාන් සුකීට සිරදඬුවම් නියම කෙරේ

December 6, 2021 at 12:16 PM

බලයෙන් පහකෙරුණු මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීට වසර 04ක සිරදඬුවම් ලබාදීමට එරට විශේෂ අධිකරණයක් නියෝගකර තිබේ. මේ දිනවල ඇයට එරෙහිව නඩු කිහිපයක් විභාග වන අතර මෙම දඬුවම නියම කර ඇත්තේ එහි පළමු නඩුවේ තීන්දුව අනුවයි.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අනෙකුත් නඩු ඇසීමෙන් අනතුරුව ඇයව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමට ඉඩ ඇති බවයි.

ස්වාභාවික අපදා නීතිය යටතේ “විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම” යන චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකරු බව අධිකරණය නියෝග කර ඇත.

අවුන් සාන් සුකී ට එරෙහිව චෝදනා 11ක් ගොනුකර තිබු අතර ඇය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටියා.

76 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී ව හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ පසුගිය පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කිරීමට එරට හමුදා ප්‍රධානියා කටයුතු කරනු ලැබුවා.

ඒ පැවති මහ මැතිවරණයේදී දූෂණ සිදුකළ බවට චෝදනා එල්ලකරමින්.