ඩයලොග් බලගන්වන ජනාධිපති රන් කුසලානවොලිබෝල් අවසන් මහා තරග දෙසැම්බර් 05 වෙනිදා

December 5, 2021 at 9:46 AM

 මෙරට වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලියක්වන ඩයලොග්  විසින් බලගන්වන 2020 ජනාධිපති රන් කුසලානඅවසන් මහා තරග දෙසැම්බර් 05 වෙනිදා . 1 සිට .6.30 දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදීපැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් ප්‍රකාශයටපත්කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙමඅවසන් මහා තරගය පැවැත්වෙන අතර, සඳහා ගරු වරායහා නාවික අමාත් රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, තරුණහා ක්රීඩා අමාත්යාංශයේ ලේකම් අනුරාධ විජයකෝන් මහතාසහ ශ්රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති කාංචනජයරත්න මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගීවීමටනියමිතයි.

මේ අනුව ඩයලොග් විසින් බලගන්වන ජනාධිපති රන් කුසලානවොලිබෝල් කාන්තා අවසාන මහා තරගය ගලිගමුවහයිඩ්රමානි සහ කොස්වාඩිය විජය කණ්ඩායම් අතරපැවැත්වීමට නියමිත අතර, සැවොම උණුසුම් තරගයක්බලාපොරොත්තු වන පිරිමි අවසන් මහා තරගය නාත්තන්ඩියයුනයිටඩ් කණ්ඩායම සහ දෙබෑගම රන්තරු කණ්ඩායම් අතරපැවැත්වීමට නියමිතයි.

ඩයලොග් විසින් බලගන්වන ජනාධිපති රන් කුසලානතරගාවලිය ශ්රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම වොලිබෝල්ක්රීඩා තරගාවලිය වන අතර, කණ්ඩායම් 2,500 ක් සහ ක්‍රීඩකයින් 40,000 කට වැඩි සංඛ්යාවක් මෙවර තරගාවලියසඳහා සහභාගි විය.

කොවිඩ්-19 වංසගතය පැතිරීමවැළැක්වීම සඳහා රජය විසින් ගනු ලැබූ සමාජ දුරස්ථභාවයපිළිබඳ නියාමනවල ප්රතිඵලයක් වශයෙන් සහක්රීඩකයන්ගේත් ප්රේක්ෂකයන්ගේත් සෞඛ් හා ආරක්ෂාවපිළිබඳව සැලකිලිමත්වෙමින් ඩයලොග් ජනාධිපති රන් කුසලානඅවසන් මහා තරග වත්මන් දිනට කල්දැමීමට පියවර ගන්නාලදී.

2019 වසරේ අවසන් මහා තරගයේදී සියනෑ තරු  කණ්ඩායමපිරිමි ශූරතාවයත්, කැෂුවල් කණ්ඩායම කාන්තා ශූරතාවයත්දිනා ගනු ලැබීය.

ඩයලොග් ආසිආටා පීඑල්සී ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහදැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්රාහකයා ලෙස කටයුතුකරයි.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියබලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දුතරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල්ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩාතරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ඔලිම්පික්තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම සහලෝක පැරාලිම්පික් තරගාවලිය බලගැන්වීමට කටයුතු කරඇත.

දහවල් 1.00 සිට සජීවීව චැනල් අයි සහ  Papare ඔස්සේ විකාශ කෙරේ.