මන්ත්‍රීවරුන්ට විභාග නොකරම සරසවි වරම් දෙන්නැයි ඉල්ලීමක්

December 2, 2021 at 10:46 AM

විභාග වලට පෙනී නොසිට විශ්ව විද්‍යාල සඳහා ඇතුල්වීමට අවසර ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අවුරුදු ගණන සලකා බලා නීති විද්‍යාලයට හෝ වෙනත් සරසවියකට ඇතුල්වීමට අවස්ථාව ලබාදිය යුතු බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කර සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මේ පාර්ලිමේන්තුවට එන්නේ හැකියාවක් තියෙන අය. මොකක් හරි හැකියාවක් තියෙන අය. හොඳ බුද්ධියක් තියෙන අය එන්නේ, නැත්නම් මෙතැනට එන්න බෑ නේ. ජන්දයක් දිනනවා කියන්නේ කොච්චර අමාරුද? පාර්ලිමේන්තුවේ අවුරුදු 4-5ක් ඉන්න කොට කතා නොකෙරුවත් ආභාෂයෙන් යම් කිසි දැනුමක් ලැබෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න කාලයට බරක් දීලා නීති විද්‍යාලයට හරි විශ්ව විද්‍යාලවලට හරි ඇතුල්වෙන්න මාර්ගයක් සකස් කරන්න. මෙහෙම වෙලා තියෙනවා. 1970 ගණන් වල මේ සභාවේ සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට අවස්ථාව ලබා දුන්නා. වර්ථමානයේ සිටින මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා”