ජනවාරියේ සිට බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

December 2, 2021 at 8:05 AM

ජනවාරි මස 01 වෙනිදා සිට පෞද්ගලික බස් රථ ගාස්තු වැඩිවීමක් ලබා දෙන ලෙස පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලා සිටිනවා.

ඔහු පවසන්නේ ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු බවයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් ඒ සඳහා වන යෝජනාව ලබන සතියේ යොමු කරන බවයි ඔහු සඳහන් කළේ.

අවම බස් ගාස්තුව රුපියල් 20 ක් හෝ විය යුතු බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ.

”අකමැත්තෙන් වුවත් තීරණය කළා. ජනවාරි පළවෙනිදා සිට බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අපි ලබන සතියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් අපි යොමු කරනවා. බොහෝ දුරට අවම ගාස්තුව රුපියල් 20ක් වත් විය යුතුයි කියලා තමයි අපේ යෝජනාව” ඔහු සඳහන් කළා.