ඉදිරියේදී රට වසා තබනවාද ? රජයෙන් පිළිතුරු

November 30, 2021 at 2:35 PM

දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය ශිඝ්‍ර යෙන් පැතිර යාමත් සමඟ ඉදිරියේ දී රට වසා තබන බවට ඇතැම් පිරිස් ප්‍රචාර ගෙන ගියද රජය එවැනි කිසිඳු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය රමේෂ් පතිරණ අද ප්‍රකාශ කළා.

ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

මේ අතර කොරෝනා වෛරසය කුමන ස්වරූපයෙන් පැමිණියද ඊට මුහුණ දීම සඳහා ජනතාව කළ යුත්තේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම පමණක් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ.