කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග ගැන ICCය ගත් තීරණය

November 27, 2021 at 5:12 PM

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ තරග වහාම ක්‍රියාත්මක වන පරිදී අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මෙම තරග දෙසැම්බර් මස 05 වෙනිදා දක්වා සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිතව තිබුණා.

අප්‍රිකානු කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සැලකිල්ලට ගනිමින් තරග අවලංගු කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය ද අවලංගු කිරීමට ICCය තීරණය කරනු ලැබුවා.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී නවසීලන්තයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.