නව කොවිඩ් ප්‍රභේදය නිසා රටවල් රැසකින් ගුවන් ගමන් තහනමක්

November 26, 2021 at 8:37 PM

දකුණු අප්‍රිකාවෙන් නව විකෘති කොවිඩ් ප්‍රභේදයක් හදුනා ගැනීමත් සමග රටවල් රැසක් සංචාරක තහංචි පැනවීමට තීරණය කර තිබෙනවා.

එම රටවල් අතර බ්‍රිතාන්‍යය, ජපානය, ජර්මනිය, ඉතාලිය, ඊශ්‍රායලය හා සිංගප්පූරුවද අයත්. ඒ අනුව දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ ඇතුළු රටවල් 7 ක පුරවැසියන්ට මෙම රටවලට ඇතුළුවීම තහනම් කර ඇත.

මෑතකදි අප්‍රිකානු කලාපයේ සංචාරය කර ඇති සියළුම සංචාරකයින්ට සිංගප්පූරුව හරහා ඇතුළුවීමට හෝ සංක්‍රමණයවීමට ඉඩ නොදීමටයි මේ වනවිට තීරණය කර ඇත්තේ. දකුණු අප්‍රිකානු රටවල් සදහා සංචාරක තහනමක් හදුන්වාදීමට යුරෝපා සංගමයද සූදානම් වනවා.

දකුණු අප්‍රිකාව ඇතුළු එම කලාපයෙන් වාර්තා වූ නව විකෘති ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු අද ඊශ්‍රායලයෙන්ද හදුනාගෙන තිබෙනවා.

පවතින තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ සාකච්ඡාවක් දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතයි.