ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ කොවිඩ් බියක්

November 18, 2021 at 7:42 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ අංශයේ සාමාජිකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව නිව්ස්වයර් වෙත වාර්තා වනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ලද වාර්තාව නැවත වරක් තහවුරු කර ගැනීම සඳහා අදාළ සාමාජිකයාට නැවත වරක් කොවිඩ් පරීක්ෂණයක් සිදුකිරිමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ගාල්ලේ සිය පුහුණුවීම් සඳහා එක්ව සිටින අතර ටෙස්ට් තරග 02කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය නොවැම්බර් මස 21 වෙනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ පුහුණු අංශයේ සාමාජිකයා සමග පුහුණු සැසියට එක්වූ සියලුම ක්‍රීඩකයින්ට සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.