පළමු වරට ඕස්ට්‍රේලියාව විස්සයි 20 ලෝක ශුරයින් වෙයි

November 15, 2021 at 12:06 AM

ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ, අවසන් තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 කින් පරදවමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 18.5කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර යෑමට සමත් වුවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාෂ් පන්දු 50කදී නොදැවී ලකුණු 77ක් රැස් කරනු ලැබුවා.

තරගයේ ලකුණු සටහන පහතින් :