නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

November 15, 2021 at 9:37 PM

නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නිකුත් කරනුලැබුවා .

කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවසින් බැහැරට යෑම හැකිතාක් දුරට අඩුකරන ලෙසද එහි සඳහන් කර ඇත.

අවසන් වරට ඉකුත් ඔක්තෝම්බර් මස 30 වෙනිදා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝප දේශයට අමතර ලෙස මෙවර පහත දැක්වෙන නව උපදෙස් නිකුත් කර ලැබ ඇත.

ඒනම්,

*අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා එම පන්ති පවත්වන ස්ථානයේ ධාරිතාවයෙන් 50%ක් සහිතව අවසර ලබාදී තිබේ.

*එසේම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර හිමිවේ.

*නිසි බලධාරියෙකුගෙන් අවසර ලබාගෙන නොමැති නම් දිවයින පුරා මහජන සහභාගීත්වයෙන් රැස්වීම් පැවැත්වීමට අවසර හිමි නොවේ.

සම්පුර්ණ මාර්ගෝපදේශ පහතින් දැක්වේ..

 

Image

 

Image