තරුණියකගේ නිවසට ගොස් සිටියදී ඇයගේ සහෝදරයා විසින් එල්ල කරනු ලැබූ තියුණු ආයුධ ප්‍රහාරයකින් කොළඹ 02, නවම් මාවතේ පිහිටි කේශලංකරණ මධ්‍යස්ථානයක හිමිකරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ජිවිත්ක්ෂයට ඇත්තේ සිය බිරිඳ ගේ උපන්දිනය වෙනුවෙන් සුඛෝපභෝගී බෙන්ස් රථයක් තෑගී වශයෙන් ලබාදුන් ව්‍යාපාරිකයා බවයි පොලිසිය පැවසුවේ.
අනුරාධපුරය, ඇලයාපත්තුව ප්‍රදේශයේ පිහිටි තරුණියකගේ නිවසට ගොස් ඇති අතර එහිදී එම තරුණිය සමග කතාබස් කරමින් සිටියදී ඇය එකවර තමන් බේරා ගන්නා ලෙස කියමින් කෑගැසූ බවයි ඇගේ මව ප්‍රකාශ කර ඇත්තේ.
එහිදී තමන් ඇතුළු පිරිස දියණියව නිවස තුලට රැගෙන ආරක්ෂා කළ බවත් පසුව ටික මොහොතකින් බලන කළ අදාළ ව්‍යාපාරිකයා බිම වැටී සිටින අයුරු දුටු බවයි.
මෙම ව්‍යාපාරිකයා එම තරුණියගේ සහෝදරයා සමග බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී එම පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් ව්‍යාපාරිකයා මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රහාරය සිදුකළ තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
