මුදල් ඇමති අයවැය රහසක් හෙළිකරයි

November 10, 2021 at 7:19 PM

ලබන සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛණයේ අඩංගු වී ඇති කරුණක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද හෙළිකර සිටියා.

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු අංක 01 ශාලාවේදී පැවති රැස්වීමේදී මෙම රහස මුදල් ඇමතිවරයා කියා සිටියා.

ඒ අනුව දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් ගුරුවිදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ලබන අය-වැයෙන් අමතර රුපියල් මිලියන 30000ක් වැය කරන බවත් ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මෙරට අධ්‍යාපන සඳහා වැය කරන මුදල සමස්ත අය-වැයෙන් සියයට 7.51ක් වනු ඇතැයි මෙම හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන්ට අද දැනුම් දෙනු ලැබුවා.