ජාත්‍යන්තර පාසැලකින් කොවිඩ් පොකුරක් : ආසාදිතයින් වැඩිවුනොත් රට වසන්න වෙයි – සෞඛ්‍ය අංශ

November 8, 2021 at 9:21 PM

කොවිඩ් ආසාදිතයන් දිගින් දිගටම ඉහළ යාම සුභදායි ලක්ෂණයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

විකල්පයක් නොමැති වුවහොත් නැවතත් රට වැසීමට නිර්දේශ කිරීමට සිදු වන බවත් එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

මේ අතර බෙන්තොට මොරගොඩ ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකු කොරෝනා ආසාදිතව අද දිනයේ හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියා.

සිසු සිසුවියන් 51ක් දෙනෙකු වෙනුවෙන් වෙනුවෙන් සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම සිසුන් 17දෙනා කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත.