වනිදු පෙරමුණ ගනියි

November 3, 2021 at 2:20 PM

ලොව අංක එකේ විස්සයි 20 පන්දු යවන්නා ලෙස වනිදු හසරංග තේරී පත්ව තිබෙවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මිට සුළු මොහොතකට පෙර ඒ බව නිවේදනය කර සිටියා.

24 හැවිරිදි වියේ පසුවන වනිදු හසරංග මෙම වසරේ විස්සයි 20 තරගවලදී කඩුලු 34ක් දවා ගෙන ඇති අතර එය වසරක් තුලදී පන්දු යවන්නෙක් එම දක්ෂතාවය දැක්වූ පළමු අවස්ථාව මෙයයි.

දැන් පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරගාවලියේ ද කඩුලු 14ක් දවා ගනිමින් වනිදු හසරංග පන්දු යවන්නන් අතුරෙන් පෙරමුණේ පසුවනවා.

මිට පෙර ලොව හොඳම විස්සයි 20 පන්දු යවන්නා ලෙස ස්ථානය තහවුරු කර ගෙන සිටියේ දකුණු අප්‍රිකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsi වේ.