දෙමටගොඩ චමින්දගේ සොහොයුරා අත්අඩංගුවට : මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කෝටි 20ක වාහන CID භාරයට

October 30, 2021 at 7:58 AM

 

මරණ දඩුවම නියමව සිටින පාතාල කල්ලි සාමාජික දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වන රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ අධි සුඛෝපභෝගී මෝටර් රථ 04ක් සහ රත්‍රං කිලෝ එකහමාරක ප්‍රමාණයක්ද එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම වැටලීමේදී සිය භාරයට ගෙන ඇත.

ඉන්දියාවේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පසුගිය අප්‍රේල් 10 වනදා එරට මුහුදු සීමාවේදී හෙරෝයින් කිලෝ 300ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම හෙරොයින් තොගය මෙරටට රැගෙන එමින් තිබූ බවය.

අනතුරුව ඉන්දීය බලධාරීන් විසින් ඒ පිළිබඳ මෙරට මත්ද්‍රව්‍යනාශක කාර්යංශය වෙත දැනුම්දීමෙන් පසුව ඔවුන් මෙරටදී පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණා.

එම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පොලිසිය පැවසුවේ අදාළ මත්ද්‍රව්‍ය තොගය දෙමටගොඩ රුවන් ට රැගෙන එමින් තිබූ ඒවා බවයි.

ඒ අනුව රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන්ගේ දෙමටගොඩ, වේලුවන ටෙරසය ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපල විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණියා.

ඒ මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගැනීමේ චෝදනාව යටතේ ඔහු සහා ඔහුගේ දේපළ සිය භාරයට ගැනීම සඳහායි.

ඒ අනුව ඔහුගේ නිවසේ තිබී රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක්, සහ නවතම BMW වර්ගයේ මෝටර් රථ දෙකක් පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබුවා.

එමෙන්ම නිවසේ තිබූ රත්‍රං කිලෝ එකහමාරක පමණ ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බව රහස් පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් විසින් අදාළ දේපල මිලදී ගැනීමේදී මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලියකියවිලි නීතිවිරෝධී ඒවා බැවින් ඔහුව සහ දේපළ සිය භාරයටගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.

ඒ අනුව අදාළ රත්‍රං භාණ්ඩ සහ අධි සුඛෝපභෝගී මෝටර් රථ එම කොට්ඨාසය වෙත රැගෙන පැමිණි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ.

සැකකාර දෙමටගොඩ රුවන් අද දිනයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No description available.

No description available.

No description available.

No description available.