දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීමක්

October 30, 2021 at 8:02 AM

දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමට ‘කොවිඩ්’ මර්දන කමිටුවෙන් ඊයේ දිනයේදී අවසර ලැබුණු බවත් හෙට සිට දුම්රිය ප්‍රවේශපත් නිකුත් කළ හැකි බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කර සිටිනවා.

නොවැම්බර් මාසය සඳහා වාර ප්‍රවේශපත් 01 වැනිදා සිට නිකුත් කරන බව ද ධම්මික ජයසුන්දර වැඩි දුරටත් කියා සිටියේ.

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග නොවැම්බර් මස 01 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය කටයුතු ආරම්භ කරවන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ.

ඒ අනුව කාර්යාල දුම්රිය වාර 152ක් පමණ ධාවනයේ යෙදවීමට කටයුතුයොදා ඇති බවයි ඔහු පැවසුවේ. මහනුවර,බෙලිඅත්ත,මාතර,ගාල්ල, මහව, කුරුණෑගල, රඹුක්කන, පුත්තලම සිටි මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.