කාන්තා රැඳවියන්ට තහනම් ද්‍රව්‍ය දීමට ගිය වෛද්‍යවරයා අත්අඩංගුවට

October 30, 2021 at 6:20 AM

කාන්තා රැදවියන්ට ජංගම දුරකතන ඇතුලු තහනම් ද්‍රව්‍ය ලබා දීමට තැත් කළ බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර නිලධාරීන් සිදුකළ රහසිගත විහේෂ මෙහෙයුමකදීයි.

මෙම ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා කාන්තා අංශයේ රැදවියන් හට ජංගම දුරකථන හා ඊට අදාළ උපාංග අලෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිවී ඇත්තේ සැකකාර වෛද්‍යවරයා මීට පෙර ද ජංගම දුරකථන කාන්තා රැදවියන්ට මුදලට විකුණා ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය ද දැනුවත් කර ඇති අතර සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු යොදවා මුලික විමර්ෂණයක් සිදු කරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.