චීන තානාපති කාර්යාලයේ තීන්දුව ගැන මහජන බැංකුවෙන් ප්‍රතිචාර

October 29, 2021 at 2:15 PM

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා සිටිනවා.

ඒ අනුව මහජන බැංකුව පවසන්නේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් ගෙවීම් නතර වූ බවයි. අධිකරණයේ ඉදිරි තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන බැංකුව දැනුම් දී තිබේ.

මෑතකදී මහජන බැංකුව විසින් නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය අදාළ තීරණය ගනු ලැබුවා.

මහජන බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්..