අද සිට ෆේස්බුක් නම වෙනස් කරයි

October 29, 2021 at 8:32 AM

ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලා සමාගමක් වන ෆේස්බුක්, සිය ආයතනික නාමය Meta ලෙස වෙනස් කර තිබෙනවා.

සිය සමාගම ප්‍රති සන්නාම ගත කිරිමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් එලෙස නම වෙනස් කිරිමට පියවර ගෙන ඇති බව සඳහන්.

සමාජ මාධ්‍ය යන භූමිකාවෙන් ඔබ්බට ගොස් අතථ්‍ය යථාර්ථය (virtual reality) වැනි කේෂ්ත්‍රය දක්වා ඉදිරියේදී පුළුල් කිරිමට තීරණය කිරිම නිසා මෙය වැදගත් වන බවයි.

මෙම නම් වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි යෙදුම් සඳහා අදාළ නොවන අතර, එම යෙදුම් අයත් මව් සමාගමේ නම පමණක් වෙනස් කිරීම සිදුවේ.

ෆේස්බුක් සමාගමේ හිටපු සේවිකාවක් විසින් නිකුත් කරන ලද ලේඛන මත පදනම් ව ෆේස්බුක් සමාගම පිළිබඳව ලොවපුරා සෘණාත්මක දැක්මක් ඇතිවීම මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත.

ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් නව නම ප්‍රකාශයට පත් කර සිටියා.

“මෙටාවර්ස්” ලෙස නම් කිරීමේ සැලසුම් එළිදක්වමින් ඔහු සඳහන් කළේ මිනිසුන්ට ක්‍රීඩා කිරීමට, වැඩ කිරීමට සහ අථත්‍ය පරිසරයක සන්නිවේදනය කළ හැකි, බොහෝ විට VR (virtual reality) හෙඩ්සෙට් භාවිතා කළ හැකි මාර්ගගත ලෝකයක් මෙයින් හුවා දැක්වෙන බවයි.

දැනට සමාගමේ පවතින සන්නාම නාමයට “අනාගතයේදී පමණක් නොව අද අප කරන සෑම දෙයක්ම නිරූපණය කළ නොහැකි” බවත්, එය වෙනස් කළ යුතු බවද ඔහු පවසා සිටියා.