ජනපති හදිසි සාකච්ජාවක් කැඳවයි

October 28, 2021 at 12:39 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේදී විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා.

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද දිනයේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඊට අගමැතිවරයාට ද ආරාධනා කර තිබේ.

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එම රැස්වීම අද සවස 5.30ට පැවැත්වීමට නියමිතයි.