ශ්‍රී ලාංකික මවක් ඉතාලියේදී සිදුකළ අපරාධය

October 27, 2021 at 5:10 PM

ඉතාලියේ වෙරෝනා නගරයේදී සිය දියණියන් දෙදෙනාව ඝාතනය කළ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික මවක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඝාතනය කර ඇති දියණියන් දෙදෙනා වයස අවුරුදු 3ක් සහ 11ක් වශයෙන් වූ බව සඳහන් වන්නේ. එම දරුවන් දෙදෙනාගේ හුස්ම හිරකර ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම අපරාධය සිදුකර් ඇත්තේ ඉතාලියේ වෙසෙන 33 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් බවයි ඉතාලි මාධ්‍ය වාර්තා කර සිටියේ.