තරුණයාට පහර දුන් සබරගමුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්

October 27, 2021 at 5:52 AM

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට යටත්ව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

සබරගමුව පළාතේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම්. ගුණරත්න පත්කර ඇති බව සඳහන්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.