මහාචාර්යවරයෙකු තනතුරුවලින් ඉවත් කෙරේ

October 26, 2021 at 1:38 PM

කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ ඉවත් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශ ලේකම්වරයා මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව බුද්ධි මාරඹේ. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් සහ කුඩා ව්‍යාපාර කෘෂි වැඩසටහනේ උපදේශක ධුරයෙන් ඉවත් කර ඇතැයි සඳහන්.