පාසල් පිරිසිදු කරන්න දේශපාලනඥයින් එවන්න , විදුහල්පති වරයෙකුගෙන් අපූරු ලිපියක්.

October 26, 2021 at 2:38 PM

පාසලේ නව අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා පාසල් භූමිය හෙළි පෙහෙලි කිරීමට  පසුගිය කාලයේ ඒ සඳහා විශාල කැමැත්තක් දැක්වූ පිරිස් සම්බන්ධීකරණය කර්දෙන ලෙස විදුහල්පති වරයෙක් කලාප අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

මෙලෙස ලිපියක් යවා ඇත්තේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට කලාප කාර්‍යාලයේ නිලධාරීන් වෙතයි.

ඇහැලියගොඩ පනාවල රන්ජන් විජේරත්න විද්‍යාලයේ විදුහල්පති වරයා යැවූ එම ලිපිය පහත දැක්වේ.

 

මේ දිනවල සියලු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු හැර වෙනත් කිසිදු බාහිර කාර්‍යයක නිරත නොවන බැවින් මෙලෙස ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කර ඇත්තේ.