වැවිලි කර්මාන්තය සඳහා රසායනික පොහොර ගෙන්වීමට ආණ්ඩුව අඩියක් පස්සට ගන්නවා.-ඇමති වාසු කියයි.

October 25, 2021 at 5:44 AM

වැවිලි කර්මාන්ත ක්ෂෙත්‍රය සඳහා රසායනික පොහොර ගෙන්වන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

 

ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේබව පැවසීය.

” විසඳුම තමයි අපි වැවිලි කර්මාන්තයට රසායනික පොහොර දීමට අපි ආපස්සට අඩියක් ගන්නවා.

මොකද අපිට හොඳ හිතින්  වුණත් වැරදි  තීන්දුවකට යන්න බෑ අපිට පේනව නම් ඒ තීන්දුව මේ වෙලාවෙ ප්‍රායෝගික නෑ කියලා”

අමාත්‍යවරයා එලෙස සඳහන් කළේය.