ලහිරු කුමාරට සහ ලිටන් දාස්ට දඬ නියම වෙයි

October 25, 2021 at 3:56 PM

2021 ICC T20 ලෝක කුසලානයේ B කාණ්ඩයේ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ සාජා හිදී පැවති සුපිරි 12 තරඟයේදී, ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර සහ බංග්ලාදේශ පිතිකරු Liton Das Kumar යන දෙදෙනාම ICC නීති සංග්‍රහයේ පළමු මට්ටමේ කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් දඩ නියම කර තිබෙනවා.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලහිරු කුමාර වැරදිකරු වී ඇති අතර, එය “භාෂාව, ක්‍රියා හෝ අභිනයන් භාවිතා කිරීම අපහාසයට ලක් කිරීම හෝ ක්‍රීඩකයෙකු ගේ දැවී යාමේදී පිතිකරුවෙකුගෙන් ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් සිදුකිරීම යන චෝදනාව යටතේයි.

“ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනි හැසිරීම්” වලට අදාළ ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩකයන්ගේ සහායකයින් සඳහා වූ ICC ආචාර ධර්ම සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලිටන් දාස් වරදකරු විය.

තරගයේ 05 වෙනි ඕවරයේ දී බංග්ලාදේශ ඉනිමේ පිතිකරු ලිටන් දාස් ගේ දැවී යාමෙන් පසු මෙම සිදුවීම සිදුවිය.

ලහිරු කුමාරට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් නියම වූ අතර ඔහුට හිමි ප්‍රසාද ලකුණක් අඩු කරනු ලැබිය. ලිටන් දාස්ට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 15% ක දඩයක් නියම වූ අතර එහි එක් අඩු ලකුණක් ලැබුණා.

ICC තීරක මණ්ඩලයේ ජවගල් ශ්‍රීනාත් විසින් මෙම දඩය පැනවූ අතර, COVID-19 අන්තර්වාර ක්‍රීඩා රෙගුලාසිවලට අනුව ICC ක්‍රිකට් මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් එය අනුමත කරන ලදී. කුමාර සහ දාස් දෙදෙනාම වරද පිළිගත් අතර යෝජිත දඬුවම් පිළිගනු ලැබුවා.