කොවිඩ් නිසා කඩා වැටුණු ආර්ථිකය ගොඩ නගන්න ඇමති බන්දුල ගෙන් යෝජනාවක්

October 25, 2021 at 6:34 PM

‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු බවත් තනි තනි රටවල් ලෙස මෙම අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සදහන් කර සිටිනවා.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝක මුහුණ දුන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඇමරිකාවේදී එවැනි සමුළුවක් පැවැති බව ආචාර්ය බන්දුල ගුණවර්ධන නමුත් ලෝකය මේ දක්වා එවැනි සමුළුවකට සූදානමක් නොමැති බවයි සඳහන් කර සිටියේ.

කොවිඩ් සමඟ ඇති වූ අර්බුදය අදට වඩා හෙට තවත් වැඩි වන බවත් තමන්ගේ රටේ මිනිස්සු පිළිබඳව විශ්වාසය තබා දේශපාලන, පක්‍ෂ සහ පාට භේදයෙන් තොරව හැම කෙනෙක්ම මොනවා හරි වැඩි වැඩියෙන් වැඩ කළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

“මීට වඩා මේ අර්බුදය අඩුවෙන් තියෙන අවස්ථාවේදී දෙවැනි ලෝක යුද්ධයේදී ඒ සරළ මිනිස්සු ඒ සඳහා පිළිතුරු සොයා ගැනීමට නොහැකි නිසා අමරිකා එක්සත් ජනපදයේ සම්මේලනයක් තිබුණා. ඒ සම්මේලනයේදී ලෝක ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥායෙක් වන ජෝන් මෙනාඩ් කේන්ස් සැලැස්ම කියලා එකක් ඉදිරිපත් කළා ලොකය ගොඩගන්න. ඊට පසුව වයිට් සැලැස්ම කියලා තව එකක් ඉදිරිපත් කළා. ඒ සැළසුම් දෙක පිළිබඳව ආර්ථික විශේෂඥායො සාකච්ඡා කරලා දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වෙච්ච ලෝක ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි හැදුවා”

කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ ලංකා සතොස ශාඛාව විවෘත කිරීමේ උත්සවයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කර සිටියා.