ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි දිවයිනට

October 25, 2021 at 10:40 AM

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන අදානි සමූහයේ සභාපති ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපරික ගෞතම් අදානි ඇතුළු පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

පෞද්ගලික ගුවන් යානා දෙකකින් ඔවුන් ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ගෞතම් අදානි අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙන්නේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, බටහිර පර්යන්ත ව්‍යපෘතිය පිළිබඳව, බලශක්ති පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.