හෙට සිට ක්‍රියාත්මක දුම්රිය කාලසටහන

October 24, 2021 at 9:44 AM

කොවිඩ් වසංගතය නිසා අත්හිටවනු ලැබූ දුම්රිය සේවාවන් හෙට දිනයේදී සිට නැවතත් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට දිනයේදී දුම්රිය 133ක් ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

හෙට දිනයේ සිට ක්‍රියාත්මක දුම්රිය කාල සටහන පහත දක්වා ඇත.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් ගේ සංගමය විසින් හෙට දුම්රිය ධාවනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.

බස්නාහිර තුල ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස,මීරිගම,වේයන්ගොඩ,ගම්පහ හා රාගම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 22 ක් ද ,
කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල හා කොස්ගම සිට ගමන් වාර 4 ක් ද ,පුත්තලම් මාර්ගයේ මීගමුව හා කොච්චිකඩේ සිට ගමන් වාර 08 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම ,කලුතර,වාද්දූව ,පානදුර හා මොරටුව සිට ගමන් වාර 22 ක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම දකුණු පලාත තුල ගාල්ල සිට මාතර හා බෙලිඅත්ත දක්වා ද මාතර සිට බෙලිඅත්ත දක්වා ද දුම්රිය කිහිපයක් ධාවනයට කටයුතු සූදානම් කර ඇත.

මීට අමතරව මධ්‍යම පලාත තුල මහනුවර සිට මාතලේ ,නාවලපිටිය නානුඔය ,පොල්ගහවෙල හා රඹුක්කන දක්වා ද දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

🛑 කොවිඩ් කමිටුව විසින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇත්තේ වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන් සඳහා පමණක් දුම්රිය භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙන
ලෙසය. ඒ අනුව සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් නොකිරීමට උපදෙස් ලබා දීම මත අද දින සිට ප්‍රවේශ පත් නිකුත් කිරීමක් දුම්රිය ස්ථාන වලින් සිදු නොකෙරෙනු ඇත.

එමෙන්ම පාසල් වල ප්‍රාථමික අංශය අද දින සිට ආරම්භ කිරීමට රජ්‍ය තීරණය කර ඇත.පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන් අවසන් වරට වාර ප්‍රවේශපත් නිකුත් කර ඇත්තේ ගිය වර්ෂයේ වන අතර එම ශිෂ්‍යයන්ගේ වාර ප්‍රවේශපත් වල වලංගු භාවය සම්බන්ධයෙන් හෝ වන පැහැදිලි උපදෙසක් නිකුත් නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් අප කණගාටු වෙමු.

පළමුවන කොවිඩ්19 රැල්ල මතු අවස්ථාවේ දී අප විසින් නිසි ක්‍රමවේදයක් යටතේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හා රජය ලිඛිතව හා වාචිකව අවස්ථා කිහිපයක දැනුවත් කර තිබුන ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර මගී ජනයා අපහාසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව අප කණගාටු වෙමු.

මේ හේතුවෙන් දුම්රිය මගීන් හට වන අපහාසුතාවය සම්බන්ධයෙන් වන සම්පුර්ණ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය විසින් දැරිය යුතු බව අප විසින් ප්‍රකාශ කරන්නෙමු…..

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය