ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සුදානම ගැන මහේල නිව්ස්වයර් සමග සිදුකළ සම්මුඛ සාකච්ජාව (VIDEO)

October 23, 2021 at 10:13 PM

හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන කණ්ඩායමේ ජෛව බුබුලෙන් ඊයේ ඉවත් වුණා. ඔහු අද දිනයේදී නිව්ස්වයර් වෙත සාකච්ජාවට එක්වූවා.

Newswire වෙබ් අඩවියේ අසාම් අමීන් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ සුදානම සම්බන්ධයෙන් වැදගත් අදහස් කිහිපයක් බෙදාහදා ගනු ලැබුවා.

ජෛව බුබුලෙන් ඉවත් වුනද තමන් මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා කණ්ඩායම සමග සම්බන්ධ වෙන බවයි. එමෙන්ම සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරගයට මුහුණ දෙන කණ්ඩායම් 05 සම්බන්ධයෙන් අවශ්‍ය සැලසුම් සියල්ල සකස් කර අවසන් බවයි මහේල කියා සිටියේ.

සුදුසුකම් ලැබීමේ වටයේදී ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේදී මහේල ජයවර්ධන ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු උපදේශනය නිසා හොද එලදායිතාවයක් පෙන්නුම් කරනු ලැබුවා.

අසාම් අමීන් සමග මහේල ජයවර්ධන සිදුකළ සම්මුඛ සාකච්ජාව පහතින්…