වස ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දුන්නා නම් හරි! – GMOA සභාපති ජනපති හමුවේ කියයි

October 23, 2021 at 6:31 AM

මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු රෝගවලින් මිදීමේ අපේක්ෂවෙන් වුවත්, ඔවුන් රසායනික පොහොර ද ඉල්ලා උද්ඝෝෂණ කිරීම ගැටලු සහගත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේ වස ඉල්ලන ගොවීන්ට වකුගඩුවක් ද ඇඳ දීම සුදුසු බවයි.

වීඩියෝව නරඹන්න