ආගමික ස්ථාන පවත්වාගෙන යෑමේ නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ

October 23, 2021 at 5:12 PM

කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පියවර ගෙන තිබෙනවා.

සියලුම ආගමික සිද්ධස්ථානවල බෞද්ධ ආගමිකයන්ට පොහෝය දිනයන් සහ බෝධි පූජා සඳහාත්,  මුස්ලිම් සහ හින්දු භක්තිකයන්ට සිකුරාදා දිනයත්, කතෝලික බැතිමතුන්ට ඉරිදා දිනයත් උපරිමය පුද්ගලයින් 50 කට යටත්ව පූජාවන් සඳහා සහභාගිවීමට අවසර හිමිව තිබෙනවා.

මේ තත්ත්වය පවත්වාගෙන යන්නට එම ස්ථාන භාරව හිමිවරු සහ පූජකවරුන් කටයුතු කළ යුතු අතර සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත භාවිත කිරීමට පහසුකම් තිබිය යුතු බව එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

බැතිමතුන් අතර මිටරයක අවම දුරක් පවත්වාගෙන යෑම සිදුකළ යුතු අතර, පුජ්‍ය පක්ෂය මෙන්ම බැතිමතුන් පිරිසිදු මුව ආවරණයක් පැළද සිටීම අනිවාර්ය කොට ඇත.

වැළඳ ගැනීම්, අතට අත දීම ඇතුළු ශරීර ස්පර්ශවන ආකාරයේ සියලුම ක්‍රියාවන් තහනම් කොට ඇත. මුව ආවරණ නොපැලද මුහුණු ආවරණ (Face Shield) පමණක් පැළද පැමිණෙන කිසිවෙකුට ආගමික ස්ථාන වලට ඇතුළුවීමට ඉඩ නොතැබිය යුතුය.

ආගමික ස්ථානයට ඇතුළුවන සියලුම දෙනා අත් පිරිසිදු කර ගැනීම අනිවාර්ය වේ.