මම යෑමට සිදුව තිබෙනවා : නමුත් මාර්ගගත ක්‍රමයට උදව් කරනවා – මහේල නිව්ස්වයර් වෙත කියයි

October 22, 2021 at 12:00 PM

ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහය දක්වන බවත් එය මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අදහස් කරගෙන සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ධුරයට පත් කෙරුණු මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට මහේල ජයවර්ධන ගෙන් ලැබුණු සහය සහ උපදේශනය ඉතා ඉවහල් විය. කෙසේ වුවත් සිය පෞද්ගලික හේතුන් මත නැවත ශ්‍රී ලංකාව බලා ඒමට මහේල ජයවර්ධන තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩයම ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටය අවසන් කරන තෙක් සිය සේවය ලබාදීමට යි මහේල ජයවර්ධන මිට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම සමග එකගතාවය පළකර තිබුණේ.

තමන් කණ්ඩායමෙන් සමුගැනීමට පෙර කණ්ඩයමේ මුලික සැලැස්ම සකස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් කණ්ඩායමට ඉදිරියේදී ක්‍රීඩා කළ යුතු ආකාරය ගැන සැලසුම් සකස් කර දුන් බවයි මහේල ජයවර්ධන Newswire වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ දැනුම අනුව උදව් කිරීමට එකඟ වුයේ තමන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්ව සිටියදි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

” IPL පිටමළුන් පිටුදැකීමේ තරගවලදී තණනිලි හැසිරෙන ආකාරය ගැන හොද අධ්‍යනයක් කිරීමට හැකියාව ලැබුණා” මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියා.

සිය මෙහෙවර අවසන් කිරීමට පෙර ඔහු සඳහන් කර සිටියේ ඉකුත් ජුනි මාසයේ සිට මේ වන විට දින 130කට ආසන්න කාලයක් තමන් නිරෝධායන ක්‍රියාවලියන්ට සහ ජෛව ආරක්ෂණ බුබුල සංකල්පය තුල හිදිමින් කටයුතු කළ බවත්, දැන් එහි අවසානයට ලඟාවි ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

” මම පසුගිය ජුනි මාසයේ සිට මගේ දියණිය දැක නැහැ.. තවත් දුරට රැඳී සිටීම අපහසුයි.. නමුත් මාර්ගගත ක්‍රමයට මම කණ්ඩායමට අවශ්‍ය ඕනෑම මොහොතක උපදෙස් දෙන්න කටයුතු කරනවා. දැන් මම නිවසට යෑමට අවශ්‍යයි.” මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියා.

ඉදිරියේදී පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග මහේල ජයවර්ධන එක්වීමට නියමිත අතර, එම කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස වැටුප් නොලබා කටයුතු කිරීමට ඔහු කටයුතු කෙරුණු ඇති.