ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

October 22, 2021 at 11:12 AM

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන් පමණක් තම පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට පැමිණෙන ලෙසත්, ඒ සඳහා පහත දැක්වෙන වෙබ් දිගුව ඔස්සේ දිනයක් සහ වෙලාවක් වෙන් කරවා ගන්නා ලෙසයි අයදුම්කරුවන්ට දැනුම් දී ඇත්තේ.

එමෙන්ම එලෙස දින වෙන් කර ගැනීමකින් තොරව පැමිණෙන පුද්ගලයින් සඳහා කාර්යාල පරිශ්‍රයට ඇතුල්වීමට ඉඩ ලබා නොදෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.