දුම්රිය සහ අන්තර් පළාත් බස් ධාවනය ගැන තීරණයක්

October 21, 2021 at 8:32 AM

අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බපලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, පලාත් සංචරණ සීමා ලබන 31 වනනදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන්. පළාත් සංචරණ සීමා පැවතුනද සීමිත බස් රථ සංඛ්‍යාවක් හෝ පළාත් අතර ධාවනය කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මීට පෙර කියා සිටියේ.

අත්‍යවශ්‍ය සේවාවල පුද්ගලටයින් ප්‍රවාහනය කරන ඇතැම් බස් රථ මගින් විශාල මුදලක් ලබාගෙන පලාත් අතර පුද්ගලයින් රැගෙන යන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් ඒ සමබන්ධයෙන් අවධානය යොමුව තිබුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේන මෙතෙක් අවසර නොලැබීම හේතුවෙන් අන්තර් පළාත් බස් ධාවනය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ. මේ අතර දුම්රිය ධාවනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙතෙක් තීරණයක් ගෙන නැහැ