70 හැවිරිදි ඉන්දීය කාන්තාවක් දරුවකු බිහිකරයි

October 20, 2021 at 10:08 AM

ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදී වියේ පසුවනවා.

ජීවුන්බෙන් රබාරි නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරයි.

රබාරි හා ඇගේ සැමියා වන මල්ධාරි ගුජරාටයේ මෝරා ගම්මානයේ ජීවත් වෙන අතර මෙය නළදරු උපතක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ යුවළගේ වෛද්‍යවරයා වන තුරේෂ් බානුෂාල් පවසන්නේ මෙය ඉතාම කලාතුරකින් වාර්තා වූ දරු උපතක් බවයි.

මේ වන විට දරුවන් බිහිකළ ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ස්පාඤ්ඤයේ Maria del Carmen Bousada Laraය. ඇයට වයස අවුරුදු 66 දින 358ක් ව තිබියදී නිවුන් දරු උපතක් සිදුකරනු ලැබූවා. කෙසේ වුවත් ජීවුන්බෙන් රබාරි ගිනස් වාර්තාවට ඉල්ලුම් කරයිද යන්න ගැටළු සහගත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ ඇයගේ උපන් දිනය නිල වශයෙන් තහවුරු කිරීමට අවශ්‍ය ලියැවිලි ඇය සතුව නොමැතිවීම නිසාවෙන්.