මංගල උත්සවයකින් මතුවූ කොවිඩ් පොකුර

October 20, 2021 at 8:35 AM

කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ ඉකුත් 18 වෙනිදා පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 35 දෙනකුට සිදු කළ PCR පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හඳුනා ගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

කුලියාපිටිය කරගහගෙදර ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මෙම මංගල උත්සවයට කෝවිඩ් ආසාදිතයකු සහභාගීවීම හේතුවෙන් සෙසු පිරිස PCR පරීක්ෂණයට යොමු කර ඇත.

මෙම මංගල උත්සවයේදී මත්වතුර පානය කළ පිරිසෙන් වැඩි දෙනකුට මෙසේ වයිරසය ආසාදනය වී ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළේ.

කෝවිඩ් ආදානම මුළුමනින්ම පහව ගියා සේ සලකා කටයුතු කිරීම නිසා යළි අර්බුදකාරි තත්ත්වයක් ඇති විය හැකි බවත් මුල් රැල්ලේ තිබූ සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු ඒ අයුරින්ම පවත්වාගෙන ගියහොත් ඉක්මණින් සියල්ල යථා තත්වයට පත්වනු ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අවධාරණය කර සිටියේ.