භගවත් ගීතාවේ පළමු සිංහල පරිවර්තනය ඉන්දීය අගමැතිට පිළිගන්වයි

October 20, 2021 at 4:01 PM

භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පිරිනමා තිබේ.

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පළමු ගුවන් යානයෙන් ගමන් ගත් නාමල් රාජපක්ෂ ඇතුළු දූත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී මෙම කෘතියේ පිටපත පිරිනමනු ලැබීය.

මෙහිදී උත්සව සභාව අමතමින් අමාත්‍යවරා ප්‍රකාශ කළේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විශිෂ්ඨතම ත්‍යාගය බුදු දහම බවයි.