අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

October 20, 2021 at 2:30 PM

කලකට පසු හෙටින් ඇරඹීමට නියමිත පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් සිදුකර ඇත .

ඒ සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික පන්ති හෙට සිට ඇරඹීමේ සැලසුම හමුවේයි .

මේ වනවිට වැටුප් විෂමතා ගැටලුවක් සම්බන්ධයෙන් ඔන්ලයින් පන්ති වර්ජනයක නිරත ගුරු සංගම් හෙට සහ අනිද්දා වර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඔවුන් පවසන්නේ ලබන සඳුදා සිට පාසල් පැමිණෙන බවයි.

කෙසේ වෙතත් අමාත්‍ය වරයා පවසන්නේ නිදහස් අධ්‍යාපන අයිතීන් සුරැකීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.