නබී නායකතුමන්ගේ දර්ශණය අද සුබසිද්ධිය උදෙසා යොදා ගැනීම වැදගත් : ජනපති ගෙන් සුභාෂිංසන පණිවියක්

October 19, 2021 at 10:07 AM

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන නබි නායක තුමන්ගේ උපන් දිනය සිහිපත් කෙරෙන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

මේ අතර අදට යෙදෙන නබි නායකතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභාෂිංසන පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ නබි නායකතුමන්ගේ ජීවිතය පුරා පවත්වාගෙන ගිය මානුෂීය දර්ශණය අන් කවරදාටත් වඩා අද සුබසිද්ධියට යොදා ගැනීම කාලෝචිත බවයි.

අවංක මිනිසුන් ඉදිරිපිට දෙවියන් නිරාවරණය වන අතර එවැනි පුද්ගලයින් දෙවියන් විසින් සුදුසු උස් ස්ථාන කරා ඔසවා තබන බව නබිතුමන්ගේ ජීවිතය සහ දර්ශනය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.