දහම් සිරිසේනට නව පත්වීමක්

October 19, 2021 at 6:55 AM

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප තරුණ බලමණ්ඩලයේ කටයුතු සඳහා මේ වන විටත් දහම් සිරිසේන එක්ව සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම සදහා ද දහම් සිරිසේන ඉකුත්දා එක්ව සිටියා.