ගුවන් තොටුපොළ සේවකයා ගෙන් හමුවූ රන් බිස්කට්

October 19, 2021 at 7:14 PM

රුපියල් කෝටි 07 ක් වටිනා රත්තරන් බිස්කට් 48ක් තම සිරුරේ උදරය ආශ්‍රිත ප්‍රදේශයේ සූක්ෂම ලෙස සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවක අධීක්ෂණ නිලධාරීවරයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අලුයම 02.00 ට පමණ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තයේ වූ වැසිකිළියක් තුළ සගවා තිබූ මෙම කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 848 ක් බරැති රන් බිස්කට් තොගය මොහු මෙසේ ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කර තිබේ.

මේ පුද්ගලයා ගුවන් තොටුපළ තුළ සේවය සදහා මෑතකදී එක් වූ අයෙක් බව රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.