ගව ඝාතනය තහනම් කිරිමට පනත් 05ක් සංශෝධනය කරයි

October 19, 2021 at 11:41 AM

ගව ඝාතනය නතර කිරිමට අදාල පනත් සහ ආඥාපනත් 05ක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව,

* 272 අධිකාරය වන 1893 අංක 9 දරන ගව ඝාතක ආඥාපනත

* 1958 අංක 29 දරන සත්ත්ව පනත
* 252 අධිකාරය වන මහනගර සභා ආඥා පනත
* 255 අධිකාරය වන මහනගර සභා ආඥා පනත
* 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත

යන පනත් / ආඥාපනත් සංශෝධනය කිරීමෙන් අනතුරුව එම කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිවරයා විසින් සහතික කර ඇත.

ඒ අනුව එම පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට අග්‍රමාත්‍යවරයා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා සහ කෘෂි කර්මාන්ත ඇමතිවරයාගේ එකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව ඇත.

දේශීය කෘෂි කර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය කිරිම තහනම් කිරීමටත්, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමට 2020 සැප්තැම්බර් මස 28 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.