අපේ ජනබල පක්ෂය රතන හිමි ගැන තීරණයක් ගනියි

October 16, 2021 at 10:43 AM

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අපේ ජනබල පක්ෂය විසින් අහෝසිකර තිබෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසුවේ විනය පරීක්ෂණයට සහභාගී නොවූ බැවින් උන් වහන්සේ පක්ෂයෙන් ඉවත් කළ බව මැතිවරණ කොමිසමටද දැනුම්දී ඇති බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය ජනවාරි මස 5වනදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ලැබුවා.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිව් වරක් දිවුරුම් දී තිබෙනවා.