හයිලන්ඩ් කිරිපිටි මිලත් වෙනස් වෙයි

October 15, 2021 at 11:31 AM

‪හයිලන්ඩ් කිරිපිටි මිල ඉහල දැමීමට තීරණය කර ඇති බව මිල්කෝ සමාගම පවසනවා.

‪ඒ අනුව ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 90 කින් සහ කිලෝග්‍රෑම් 01ක කිරි පැකට්ටුවක මිල රුපියල් 225කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

‪ඒ අනුව හයිලන්ඩ් ග්‍රෑම් 400ක නව කිරිපිටි මිල රු.470ක් වන අතර කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 1,170ක් වේ. ‬