පළාත් අතර සංචරණ සීමා දැඩිව අධීක්ෂණය කරන්න – ජනපති උපදෙස් දෙයි

October 15, 2021 at 1:41 PM

ඔක්තෝම්බර් මස 21 වෙනිදා දක්වා ක්‍රියාත්මක කර ඇති පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදීය.

ලබන ඔක්තෝම්බර් මස 19 සහ 20 යන දිනවලදී යෙදී ඇති නිවාඩු දිනයන් සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වල ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීම්වලට ලක් කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

Image